ආසියාවේ ශක්තිය සහ ආසියාවේ එකමුතු බව ඉදිරියට ගෙනයාමට 19 වන ආසියානු ක්‍රීඩා තරගය මහා පිටුබලයක්
2023-09-23 14:37:48
Share with:

ක්‍රීඩාව තුළින් අපේක්ෂා කරනුයේ පදක්කම් දිනා ගැනීම සහ ජයග්‍රහණය පමණක් නොව එකමුතු භාවය සහ එක්සත් භාවය බව 19 වන ආසියානු ක්‍රීඩා තරගයට සහභාගීව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී නිශාන්ත පියසේන මහතා පැවසීය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ ක්‍රීඩාව ඔස්සේ සාමය, එක්සත් භාවය මෙන් ම සහභාගීත්වය ප්‍රවර්ධනය කළ යුතු බවත් ආසියාව ‍ලෝක සාමය ස්ථාවර කරවීමේ මෙවලමක් බවට පත් කළ යුතු බවත් ය. අතීතයේ ජාතීන් අතර පැවති යුද්ධ පවා වැළැක්වීමට ක්‍රීඩාව සමත් වී ඇත. චීනය මෙවර ආසියානු ‍ක්‍රීඩා උළෙල පමණක් නොව, දිගින් දිගටම ක්‍රීඩා උළෙලවල් සංවිධානයට යොමු වී සිටින රටකි. මෙය සමස්ත අසල්වැසී රටවල්වලට සිදු කරන ඉතා හොඳ සත්කාරයක් බවත් උළෙල සංවිධානයට චීනය සහ චීන රජයේ කැපකිරීම අගය කරන බවත් නිශාන්ත පියසේන මහතා පැවසීය.

මෙවර 19 වන ආසියානු ක්‍රීඩා උළෙලට ඉසව් 21ක් යටතේ ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 96 දෙනෙක් සහභාගී වී සිටිති. ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා ඔවුන්ගේ සහභාගීත්වයෙන් පදක්කම් දිනා ගැනීම පමණක් නොව, උපරිම දක්ෂතා වර්ධනයට මනා අවස්ථාවක් සැලසී ඇත. ආසියාවේ ශක්තිය ලෝකවාසී ජනතාවට පෙන්වීමට මෙය කදිම අවස්ථාවක් බව ද හෙතෙම පැවසීය.

මේ වන විට ආසියානු ක්‍රීඩා තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා යහපත් ශාරීරික සහ මානසික තත්ත්වයෙන් සිටින බවත් ඉතා හොඳින් තරග කොට ජයග්‍රහණ සහ පදක්කම් මෙන්ම අත්දැකීම් රැසක් ඒකරාශී කර ගැනීමට අපේක්ෂා කෙරෙනු ඇති බවත් ක්‍රීඩා උළෙලේ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් එක් කරන බවත් ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම් ප්‍රධානී නිශාන්ත පියසේන මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම