තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම අරමුණ බව ජනපති පවසයි
2023-09-22 13:54:04
Share with:

වර්තමාන මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. මෙම ඉලක්කය කරා ළඟා වීමට, ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය තමාට හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

ඊයේ (21) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ දී ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතා සිය ප්‍රධාන දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියේය.

ණය අර්බුදයක සිටින දේශගුණික අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටවලට, දේශගුණික මූල්‍යකරණය ශක්තිමත් කර ගැනීමේ කඩිනම් අවශ්‍යතාවයක් පවතින බවත්, ඒ සඳහා ධනවත් රටවල සහය අත්‍යවශ්‍ය වන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සමුළුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) ප.ව 10.00 ට පමණ ආරම්භ විය. ඊට සහභාගිවීමට පැමිණි රාජ්‍ය නායකයින් එක්සත් ජාතින්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම