චීන උපජනපති ජගත් මහා මණ්ඩල සැසියේ පොදු විවාදයට එක්වෙයි
2023-09-22 11:29:42
Share with:

චීන උපජනාධිපති Han Zheng මහතා එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩල සැසියේ පොදු විවාදයට එක්වෙයි. New York නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවති විවාදයට ඊයේ (21) එක් වූ හෙතෙම තම දේශනය පැවැත්වීය. 

එහිදී ඔහු සඳහන් කළේ, ජනාධිපති ෂී ජින් පිං මහතා, ලෝකයේ තිරසර පැවැත්ම උදෙසා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව, ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම යන වැදගත් සංකල්ප යෝජනා කර ඇති බවයි. එසේම, සාමය හා පොදු සමෘද්ධිය සාක්ෂාත් වන, ආරක්ෂිත මෙන්ම විවෘතභාවයෙන් යුතු, පිරිසිදු සහ අලංකාර ලෝකයක් ගොඩනැගීමට ජාත්‍යන්තර ප්‍රජාව එක්ව කටයුතු කළ යුතු බව, චීන ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. සමස්ත මානව වර්ගයාගේ ඉරණම එකට බැඳී ඇති බවත්, එකමුතුකම සහ සහයෝගිතාව ලෝකයේ නිවැරදි මාවත බවත්  රටවල් වැඩි සංඛ්‍යාවක් අවබෝධ කරගෙන ඇතැයි ද, Han Zheng මහතා සඳහන් කළේ ය.

චීනය සෑමවිටම සංවර්ධනය වෙමින් පවතින රටවල විශාල පවුලේ සාමාජිකයෙකු වනු ඇත. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ කාර්යය චීනය නොසැලී ප්‍රවර්ධනය කරන බව ද  චීන උපජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම