න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීමට එකඟත්වය
2023-09-22 14:05:44
Share with:

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන අතර, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව  විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අවධාරණය කරයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ CTBT ගිවිසුම පිළිබඳ යුරෝපා සංගමයේ 14 වන වගන්තියේ සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කළේ  පසුගිය ජූලි මාසයේ දී මෙම ගිවිසුම ශ්‍රී ලංකාව නිල වශයෙන් අනුමත කළ බවත් එය න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම පිළිබඳ රටේ දීර්ඝකාලීන සහ ස්ථාවර ප්‍රතිපත්තිය සමඟ අනුකූල වන බවත්ය.

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම (NTPNW ) වෙත ශ්‍රී ලංකාව ප්‍රවේශ වීමේ නිත්‍යානුකූල ලේඛනය  පසුගියදා භාර දුන් බව සඳහන් කළ අලි සබ්‍රි මහතා CTBT ගිවිසුම අනුමත කිරීම මගින් ගෝලීය සාමය සහ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාවේ තිරසර කැපවීම යළි තහවුරු කළ බව ද පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම