ලෝකවාසීන් උදෙසා තිරසර සාමය සහතික කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි
2023-09-22 11:42:36
Share with:

 ලෝකවාසීන් වෙනුවෙන් සාමය ගොඩනැගීමට, ප්‍රවර්ධනය කිරීමට සහ රැකගැනීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි.

 ජාත්‍යන්තර සාම දිනය නිමිති කරගනිමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ඊයේ (21) වීඩියෝ මාර්ගයෙන් දේශනයක් පැවැත්වීය. සාමය මානවයාගේ උතුම් ම අභිලාෂය බව හෙතෙම එහිදී කියා සිටියේ ය. එහෙත්, නිරුත්සාහකව ඇති නොවන සාමය, ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ලෝකවාසීන්ගේ සුබසිද්ධිය සලකා සාමය ගොඩනැගීමට, ප්‍රවර්ධනය කිරීමට සහ රැකගැනීමට කටයුතු කරන ලෙස Antonio Guterres මහතා ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී. තිරසර සංවර්ධන ඉලක්ක සපුරාලීම කඩිනම් කරමින් සෑම කෙනෙකුගේ මානව හිමිකම් හා ‍ගෞරවය රැකගැනීමේ වැදගත්කම හෙතෙම අවධාරණය කරයි. ගැටුම් හා නොසන්සුන්තා සමනය කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් හෝ සංවාදයෙන් හෝ සහයෝගිතාවයෙන් හෝ කටයුතු කරන ලෙස ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජගත් ප්‍රජාවෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම