පකිස්ථාන මහ මැතිවරණය ලබන ජනවාරි මාසයේ දී
2023-09-22 11:09:15
Share with:

පකිස්ථාන මහ මැතිවරණය 2024 ජනවාරි මස අවසන් සතියේ පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කරයි. 

මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ක්‍රියාවලිය සමාලෝචනය කළ බවත්, ඒ පිළිබඳ මූලික ලැයිස්තුව ලබන 27 වැනි දා ප්‍රකාශයට පත්කරන බවත් ඊයේ (21) නිකුත් කෙරුණු එම නිවේදනයේ දැක්වෙයි. පකිස්ථාන ජනාධිපති Arif Alvi මහතා ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැරියේ ඉකුත් අගෝස්තු 9 වැනි දා යි. ඒ, අගමැති Shahbaz Sharif මහතාගේ උපදෙස් අනුව ය.

ඒ සමග, අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් රටේ මධ්‍යම ආන්ඩුවේ ධුර කාලය අවසන් වූයේ, එහි පස් අවුරුදු ධුර කාලය සම්පූර්ණ වීමට දින තුනකට පෙර යි. පකිස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැනි අවස්ථාවක සභාව විසුරුවා හැර දින 90 ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්විය යුතුය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම