සැප්තැම්බර් පළමු දින 17 තුළ සංචාරකයින් 65,688 ක් දිවයිනට
2023-09-22 14:21:55
Share with:

පසුගිය වසරේ අගෝස්තු මාසය දක්වා වූ කාලයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු දක්වා කාලසීමාව තුළ සංචාරකයින්ගේ පැමිණීම සියයට 26කින් වර්ධනය වී ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් නව ලක්ෂ 70,006 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. එමෙන්ම සැප්තැම්බර් මස පළමුවනදා සිට 17 වනදා දක්වා කාලය තුළ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 65,688ක් ලෙස වාර්තා වේ .

ඒ අනුව මේ මාසයේ දී සියයට 120කට වැඩි වර්ධනයක් අපේක්ෂා කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම