එක් තීරයක් එක් මාවතක් යෝජනාව මුළු ලෝකයම සම්බන්ධ කෙරෙන සංවර්ධන සංග්‍රාමයක්
2023-09-21 14:11:30
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් බලපෑම් සහගත ව්‍යාපෘතියක් බව ක්වාලාලම්පූර් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා පවසයි. එම වැඩසටහනෙන් පොදු ජයග්‍රහී ප්‍රතිලාභ අත්කර ගැනීමට ශ්‍රී ලංකාව නව ප්‍රවේශයකින් ඉදිරිපත් විය යුතුය. හයිනාන් නිදහස් වෙළඳ ව‍රා‍ය උදාහරණයක් ලෙස පෙන්වා දුන් හෙට්ටිගේ මහතා පසුගිය කොවිඩ් වසංගත සමයේ දී පවා එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ සඳහන් කළේය. ඉන් හයිනාන් දූපත විශාල විදේශ විනිමයක් ආකර්ශණය කර ගැනීමට ද සමත් විය. ඉන්දියාව වැනි රටක් ආසන්නයේ පිහිටීමෙන් මෙම නව ප්‍රවේශය වෙනුවෙන් ශ්‍රී ලංකා ශ්‍රම බලකාය සූදානම් කළ යුතු බවද හෙතෙම කියා සිටී. ඒ සඳහා ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉතා දුර්ලභ වටිනා අවස්ථාවක් ලෙසට එක් තීරයක් එක් මාවතක් වැඩ සටහන හදුන්වා දිය හැකි බවද හෙතෙම කීය.

චීනය ප්‍රමුඛව ක්‍රියාත්මක වන එක් තීරයක් එක් මාවතක් යෝජනාව මුළු ලෝකයම සම්බන්ධ කෙරෙන සංවර්ධන සංග්‍රාමයකි. 21 වන සියවසේ සේද මාවත, එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ආරම්භ කළේ වර්තමාන චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් 2013 වසරේදීය. එහි අරමුණ  චීන සංවර්ධනය දියුණු කර, චීනය සමග ගනුදෙනු කරනු ලබන රටවල හැකියාවන් වැඩි කර සමස්ත මානව වර්ගයාගේ දරිද්‍රතාව තුරන් කිරීම බව මහාචාර්ය සමිත හෙ‍ට්ටිගේ මහතා කියා සිටී. එබැවින් නූතන සංවර්ධන ඉලක්ක කරා යන ගමනට මෙම වැඩසටහනෙන් විශාල රුකුලක් ලැබෙන බවද හෙතෙම සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම