ජගත් මහ ලේකම්වරයා ඉදිරිපත් කර ඇති කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනපති කියයි
2023-09-21 16:13:38
Share with:

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා  ඉදිරිපත් කර ඇති කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) පැවති දේශගුණික අභිලාෂ පිළිබඳ සමුළුව අමතමිනි.

වඩාත් සාධාරණ පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් මත පදනම් වූ, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ගෝලීය ආර්ථිකයක් සඳහා වඩාත් සාධාරණ හා වේගවත් පරිවර්තනය වීමක් වෙනුවෙන් ගෝලීය සාමුහික කැමැත්ත ප්‍රකාශ කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් මෙම සමුළුව කැඳවා තිබිණ.

කඩිනමින් අවතීර්ණ විය හැකි දේශගුණික ක්‍රියාමාර්ගවල වැදගත්කම මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට සහභාගි වී සිටින රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ද සිය ප්‍රශංසාව පළ කළේය.

දේශගුණික ගැටළු හේතුවෙන් 2050 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5%ක් අහිමි වන බවට විශේෂඥයින් විසින් අනාවැකි පළ කර ඇති බවත්, එබැවින් ශ්‍රී ලංකාවේ දේශගුණික අනුවර්තන සැලැස්ම සඳහා ප්‍රවේශ ද්විත්වයක් අනුගමනය කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම