චීනය සමඟ එක්ව ජාත්‍යන්තර සාධාරණත්වය, යුක්තිය ආරක්ෂා කරන බව රුසියානු ජනපති පවසයි
2023-09-21 10:42:41
Share with:

ලොව ඒකපාර්ශ්වික ආධිපත්‍යයට, කණ්ඩායම් ගැටුමට එරෙහි වීමට සහ ජාත්‍යන්තර සාධාරණත්වය, යුක්තිය ආරක්ෂා කිරීමේදී චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට කැමැත්තෙන් සිටින බව රුසියානු ජනාධිපති Vladimir Putin මහතා ප්‍රකාශ කරයි.

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික සහ ශාන්ත පීටර්ස්බර්ග් හි විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසම් කාර්යාලයේ අධ්‍යක්ෂ Wang Yi මහතා හමුවූ අවස්ථාවේදී රුසියානු ජනාධිපතිවරයා ඊයේ (20) මේ බව පැවසීය.

මේ වසරේ මාර්තු මස පැවති චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ රුසියානු සංචාරය දෙරට අතර සබඳතාවයේ නව යුගයක් සනිටුහන් කළ බව පුටින් මහතා පැවසීය.  රුසියාව එක් තීරයක් සහ මාවතක් මුලපිරුම ඉතා අගය කරන අතර ස්ථිරව සහාය දෙන බව ද ඔහු අවධාරණය කළේය. ඊට එරෙහිව එල්ලවන ඇතැම් චෝදනාවන්ට විරුද්ධ වන අතර කලාපීය ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා යුරේසියානු ආර්ථික සංගමය සහ තීරයක් මාවතක් අතර පෙළගැස්ම වැඩි දියුණු කිරීමට හෙතෙම කැමැත්තෙන් සිටින බව ද කියා සිටියේය.

වර්තමාන ජාත්‍යන්තර තත්වයේ විකාශනය ශතවර්ෂයකින් ලෝකය නොදුටු විශාල වෙනස්කම්වලට ලක්වෙමින් පවතින බවට චීන ජනපතිගේ උපායමාර්ගික තක්සේරුව සම්පුර්ණයෙන්ම සනාථ කරන බව පුටින් මහතා ප්‍රකාශ කළේය.

උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීම, ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීම සහ මහජන මතය සහ සමාජ පදනම තවදුරටත් තහවුරු කිරීම සඳහා දෙරටේ රාජ්‍ය නායකයින් විසින් ඇති කර ගත් වැදගත් සම්මුතිය මූලික මාර්ගෝපදේශය ලෙස ගනිමින් රුසියාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් ලෙස චීනය සහ රුසියාව ගෝලීය සංවර්ධනය සහ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් වගකීම් දරයි. දෙපාර්ශ්වයටම ඔවුන්ගේ බහුපාර්ශ්වික උපාය මාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමටත්, සාධාරණත්වය සහ යුක්තිය සඳහා ජාත්‍යන්තර පර්යාය ප්‍රවර්ධනය කිරීමට නව උත්සාහයන් දැරීමටත් අවශ්‍ය බව ද Wang Yi මහතා සඳහන් කළේය .

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම