රාජ්‍ය යාන්ත්‍රණය තුල සිදුවන අක්‍රමිකතා මැඩපැවැත්වීමට සියලු අංශ ඩිජිටල්කරණය කළ යුතු බව අවධාරණය කෙරේ
2023-09-20 23:11:41
Share with:

රාජ්‍ය යාන්ත්‍රණය තුල සිදුවන අක්‍රමිකතා මැඩපැවැත්වීමට සියලු අංශ ඩිජිටල්කරණය කළ යුතු බව විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සිවිල් සංවිධාන හමුවේ පවසයි.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා සිවිල් සංවිධාන කිහිපයක් සමග සාකච්ජා කිරීමට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

රාජ්‍ය සේවය තුල වගකීම හා වගවීම සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවන බවත් ඒ හේතුවෙන් රාජ්‍ය සම්පත් විශාල ලෙස නාස්ති වන බව සිවිල් සංවිධාන නියෝජිතයෝ කමිටුව ඉදිරියේ ප්‍රකාශ කළහ.

එහිදී අදහස් දැක්වූ කාරක සභා සාමාජික මන්ත්‍රීවරු, සඳහන් කළේ රාජ්‍ය යාන්ත්‍රණය තුල සිදුවන කටයුතුවලදී දේශපාලනඥයා ඍජු ලෙසම මහජනතාවට නිරාවරණය වන නමුත් රාජ්‍ය නිලධාරියා එලෙස නිරාවරණය නොවන බවයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම