ජගත් මහ සමුළුවේ පොදු විවාදය ඇරඹේ
2023-09-20 09:37:14
Share with:


භියෝග සපිරි වත්මන් යුගයේ ගෝලීය විශ්වාසය සහ සහයෝගිතාව යළි ගොඩනැංවීම කෙරෙහි අවධානය යොමු කරමින්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ පොදු විවාදය ඇරඹෙයි. එය, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඊයේ (19) ආරම්භ විය.

78 වැනි සැසිවාරයේ සභාපති Dennis Francis මහතා විවාදයේ සමාරම්භක අවස්ථාවේ මුලසුන දැරීය. "විශ්වාසය සහ ගෝලීය සහයෝගිතාව යළි ගොඩනැංවීම, 2030 න්‍යාය පත්‍රයේ ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සහ සාමය, සෞභාග්‍යය හා ප්‍රගතිය සඳහා එහි වන ඉලක්ක ඔස්සේ සැමට තිරසර සංවර්ධනය" මෙවර පොදු විවාදයේ තේමාව යි.

ගෝලීය අභියෝගවලට මුහුණ දීමේ දී ජාතීන් එක්සත් ව ක්‍රියාකිරීමේ වැදගත්කම සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ජගත් මහා මණ්ඩල සැසිවාරය බහුපාර්ශ්විකත්වය පිළිබඳ ජීවමාන සාක්ෂියක් ලොවට සපයා ඇත. එසේම ගත වූ වසර 75 ක කාලය තුළ එහි විශිෂ්ට කාර්යභාරය සංවිධානයේ පැවැත්ම කෙරෙහි සාධනීය බලපෑමක් එල්ල කර ඇතැයි ද ඔහු පැවසීය. ජගත් මහා මණ්ඩල සැසිය බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රිකභාවය ඔස්සේ විවාද හා සංවාද මගින් ගැටළු විසඳීම සඳහා වන ප්‍රශස්ත ගෝලීය වේදිකාවකි. එය යළි පණ ගන්වා,  සියලුදෙනා වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා පවතින කැමැත්ත හා ශක්‍යතා විදහා දැක්විය යුතු බව ද Dennis Francis මහතා මෙහිදී  පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම