කැනඩාව සහ ඉන්දියාව එකිනෙකාගේ රාජ්‍යතාන්ත්‍රිකයින් නෙරපා හරී
2023-09-20 10:11:36
Share with:

කැනඩාව සහ ඉන්දියාව එකිනෙකාගේ ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු නෙරපා හරින බව නිවේදනය කරයි. පසුගිය ජූනි මාසයේ, Sikhism ආගමික නායකයෙකු කැනඩාවේ දී වෙඩි තබා ඝාතනය කිරීම මීට හේතුවයි. කැනඩා බලධාරීන් මෑතකදී ප්‍රකාශ කළේ, මෙම වෙඩි තැබීමේ සිද්ධියට ඉන්දියාව සම්බන්ධ විය හැකි බවයි. මෙම චෝදනාව දෙරට අතර ආතතීන් උත්සන්න වීමට හේතු වී තිබේ.

කැනඩා විදේශ ඇමතිවරිය පසුගිය 18වැනිදා ප්‍රකාශ කළේ, ඉන්දියානු වැදගත් රාජ්‍යතාන්ත්‍රිකයෙකු කැනඩාව විසින් පිටුවහල් කර ඇති බවයි. කැනඩාව මෙම සිද්ධියේ සත්‍ය අසත්‍යතාවය සොයා ගනු ඇති අතර, ඒ පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයා හා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත දැනුවත් කර තිබේ.

ඉන්දියානු පාර්ශ්වය ඊයේ(19) කැනඩාවේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, කැනඩාවේ චෝදනා පදනම් විරහිත බවයි. කැනඩා ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති අතර, ඉදිරි දින පහ තුළ රටින් පිටව යන ලෙස ඔහුගෙන් ඉල්ලා තිබේ. කැනඩාව සිය දිගුකාලීන අකර්මන්‍යතාවය වසන් කිරීමට අදහස් කිරීම මෙන්ම, Sikhism ආගමික අන්තවාදීන්ට රැකවරණය ලබා දී, ඉන්දියාවේ භෞමික සහ ස්වෛරීභාවයට අඛණ්ඩ තර්ජනයක් වීම සඳහා ඔවුන්ට ඉඩ දීම, කැනඩාවේ චෝදනාවේ අරමුණ වන බව, ඉන්දියාව සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම