චීනය කෙතරම් දියුණු වුවද සැමවිටම "ලොව දකුණු රටවල්" නියෝජනය කරනු ඇත
2023-09-20 21:09:47
Share with:


සංවර්ධන මූල්‍යකරණය, දේශගුණික විපර්යාස, ආදායම් අසමතුලිතතාව යන  මාතෘකා මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ දී, "ලොව දකුණු රටවල" ප්‍රධාන අවධානයන් බවට පත්ව ඇත. ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට ලෙස, චීනය "ලොව දකුණු රටවල්" වෙනුවෙන් ඉල්ලීම් සහ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජගත් මහා මණ්ඩල සැසිවාරයේ දී බොහෝ රැස්වීම්වලට සහභාගි වනු ඇත.

"ලොව දකුණු රටවල්" යනු නැගී එන වෙළඳපොළ සහිත රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් එකතුවකි. ඇමරිකාව සහ බටහිර රටවල් "ලොව දකුණු රටවල්" සංකල්පය මෙවලමක් ලෙස යොදාගනිමින් චීනය බැහැර කිරීමටත්,  සංවර්ධනය වෙමින් පවතින රටක තත්ත්වය චීනයට  අහිමි කිරීමටත් උත්සාහ දරමින් සිටී. සංවර්ධනය වෙමින් පවතින රටවල කඳවුරු දෙකඩ කිරීම සහ සංවර්ධිත රටවල් සතු ප්‍රතිලාභ  සහ ආධිපත්‍යය ආරක්ෂා කිරීම ද එම රටවල අරමුණ වී තිබේ.

ගෝලීය සංවර්ධනය, සහයෝගිතා ඔස්සේ පොදු ජයග්‍රහණ සාක්ෂාත් කරගැනීම සඳහා, අදාළ පාර්ශ්ව කැපවිය යුතු බව මෑතකදී පැවති "G77 සහ චීනය" රාජ්‍ය නායක සමුළුව ද පෙන්වා දුන්නේය. වර්තමානයේ, චීනය රටවල් 160 කට වැඩි ගණනකට සංවර්ධන ආධාර ලබා දී ඇත. එසේම,රටවල් 150 කට වැඩි සංඛ්‍යාවක් සමඟ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ගොඩනංවමින් සිටින  චීනය, රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ගෝලීය සංවර්ධන මුලපිරීම සඳහා ද සහයෝගිතා ප්‍රවර්ධනය කර ඇත. 

මෑතකබ්දී, චීනය "ලොව දකුණු රටවල්" සඳහා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට ද යෝජනා කර තිබේ. මෙලෙස "ලොව දකුණු රටවල" බලපෑම අඛණ්ඩව තීව්‍ර වනු ඇත. මෙමගින් ගෝලීය පාලනයට නව දැක්මක් රැගෙන එනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. කෙතරම් දියුණු වුවද, චීනය සැමවිටම "ලොව දකුණු රටවල්" නියෝජනය කරන බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල් කාණ්ඩයට අයත් බවත්  අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම