චීන-රුසියානු 18වැනි වටයේ උපායමාර්ගික ආරක්ෂක සාකච්ඡාව මොස්කව් හිදී
2023-09-20 15:31:46
Share with:

චීන-රුසියානු 18වැනි වටයේ උපායමාර්ගික ආරක්ෂක සාකච්ඡාව පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ‍ සාමාජික, මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ Wang Yi මහතා සහ රුසියානු ෆෙඩරේෂන් ආරක්ෂක මණ්ඩලයේ ලේකම් Nikolai Patrushev මහතාගේ පොදු ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව ඊයේ(19) මොස්කව්හිදී පැවැත්විණ.

දෙපාර්ශ්වය දෙරටේ උපායමාර්ගික සහයෝගිතා පිළිබඳව ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගත්හ.

චීන-රුසියානු ආරක්ෂක සාකච්ඡා යාන්ත්‍රණය ස්ථාපිත වීමෙන් පසු දෙපාර්ශ්වය සමීප සම්බන්ධතා පවත්වා පොදු අයිතිවාසිකම් ඵලදායී ලෙස සහතික කර ඇති අතර එය ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වය සහ කලාපීය උග්‍ර ගැටළු විසඳීමට ප්‍රඥාව හා ශක්තිය දායක වී ඇති බව Wang Yi මහතා එහිදී පැවසීය.

ජාත්‍යන්තර ආරක්ෂක තත්ත්වය සීඝ්‍ර වෙනස්වීම් හමුවේ, රුසියාව හා චීනය බාහිර බලපෑම්වලට හා මැදිහත්වීම්වලට යටත් නොවී ස්වාධීනත්වය රැකගනිමින් උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමත් කරන බව Nikolai Patrushev මහතා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම