‘එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ’ ලෝක මානව හිමිකම් කටයුතුවල ප්‍රගමනය උදෙසා දැක් වූ දායකත්වයට ජගත් පැසසුම්
2023-09-20 15:26:18
Share with:

චීන මානව හිමිකම් සංවර්ධන අරමුදල, ‘එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ’ මගින් ලෝක මානව හිමිකම් කටයුතු සංවර්ධනය උදෙසා ලබා දුන් දායකත්වය පිළිබඳව ජගත් ප්‍රජාව දැනුවත් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සම්මේලනයට සමගාමී ව චීන මානව හිමිකම් සංවර්ධන අරමුදල ඊයේ (19) ජිනිවා හිදී විශේෂ රැස්වීමක් සංවිධානය කළේය. " එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම සහ ලෝක මානව හිමිකම් කටයුතු සංවර්ධනය කිරීම " යන්න එහි තේමාව යි. 

‘එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ’ ක්‍රියාවට නංවා දශකයක් ඇතුළත, ගෝලීය සංවර්ධනය හා මානව හිමිකම් කටයුතුවල දියුණුව උදෙසා එමගින් ඉටුකෙරුණු කාර්යභාරය රැස්වීමට එක්වූ විශේෂඥයෝ පෙන්වා දුන්හ.

රැස්වීමේ ප්‍රධානත්වය දැරූ චීන මානව හිමිකම් සංවර්ධන අරමුදලේ උපඅධ්‍යක්ෂ, ලේකම් Zuofeng මහතා මෙහිදී කියාසිටියේ, ‘එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ’ අදාළ රටවල සංවර්ධනයට ප්‍රබල ශක්තියක් ලබාදෙමින්, රැකියා අවස්ථා රැසක් ද බිහි කර ඇති බවයි. ‘එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ’, ගෝලීය සංවර්ධනය හා මානව හිමිකම්වල ප්‍රගතිය උදෙසා සක්‍රිය දායකත්වක්  ලබා දුන් බව ජගත් ප්‍රජාවගේ පිළිගැනීම යි. පොදු සංවර්ධනය ඉලක්ක කරන  මෙම වැඩපිළිවෙළ, පොදු සංවර්ධන ජයග්‍රහණ සාක්ෂාත් කරවීම මගින් සමස්ත ජනතාවගේ මානව හිමිකම් සුරක්ෂිතභාවය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනගනු ඇතැයි ද Zuofeng මහතා විශ්වාසය පළකරයි. එමෙන්ම, ජාත්‍යන්තර නීති හා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන එම වැඩපිළිවෙළ, ගෝලීය මානව හිමිකම් පාලනය සඳහා ඉවහල් වන බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම