රුසියාව බැරන්ට්ස් යුරෝ-ආක්ටික් කවුන්සිලයෙන් ඉවත් වෙයි
2023-09-19 10:20:18
Share with:

 බැරන්ට්ස් යුරෝ ආක්ටික් කවුන්සිලයෙන් (BEAC) ඉවත් වීමට තීරණය කර ඇති බව රුසියාව පවසයි. අදාළ නිවේදනය එරට විදේශ අමාත්‍යාංශය විසින් ඊයේ (18) නිකුත් කෙරිණ.

බැරන්ට්ස් යුරෝ ආක්ටික් කවුන්සිලය ගෙවුණු දශක තුනේ "දේශසීමා අන්තර්ක්‍රියා සඳහා ප්‍රයෝජනවත් මෙන්ම ඵලදායී යාන්ත්‍රණයක්"  ලෙස ක්‍රියාකළ අතර, උතුරු කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට දායක වී ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

එහෙත්, කවුන්සිලයේ බටහිර කලාපීය සාමාජිකයන් හේතුවෙන් 2022 මාර්තු මාසයේ සිට එහි ක්‍රියාකාරකම් අඩාල වී ඇති බව රුසියාව පෙන්වාදෙයි. එසේම, ලබන ඔක්තෝබර් මාසයේ දී එහි සභාපතිත්වය රුසියාවට පවරන බව ෆින්ලන්තය තහවුරු කර නැතැයි ද එම නිවේදනයේ දැක්වේ.

එම වර්තමාන තත්ත්ව විසින් කවුන්සිලයෙන් රුසියාව ඉවත් කර ගන්නා ලෙස බලකෙරෙන බව එරට විදේශ අමාත්‍යාංශය පවසයි.

කෙසේවෙතත් තවදුරටත් උතුරේ සිය ජාතික ඉලක්ක අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්, නිර්මාණාත්මක ප්‍රවේශයක් සහිත සමානාත්මතාවයෙන් යුතු සංවාදයකට සහ අන්‍යොන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන වැඩකටයුතු සඳහා සූදානමින් සිටින සියලුදෙනා සමඟ විවෘත ව ක්‍රියාකරන බවත් රුසියාව අවධාරණය කරයි.

 1993 වසරේ ස්ථාපිත කෙරුණු බැරන්ට්ස් යුරෝ ආක්ටික් කවුන්සිලයේ පරමාර්ථය වන්නේ බැරන්ට්ස් කලාපයේ ස්ථාවරත්වය සහ තිරසර සංවර්ධනය සහතික කිරීමයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම