ඇමරිකාවේ සාප්පු කොල්ලකෑමේ සිද්ධි තුළින් හෙළි වන එරට ආර්ථික බිඳවැටීම
2023-09-19 11:43:41
Share with:

“සැබැවින්ම Flash mob robbery හෙවත් සාප්පු කොල්ලකෑමේ සිදුවීම් පසුපස ඇත්තේ සංවිධානාත්මක අපරාධයකි”යන මතය මේ දිනවල ඇමරිකාවේ සමාජ මාධ්‍ය තුළ බොහෝදෙනා විසින් පළ කරනු ලැබ ඇත. Flash mob robbery කොල්ලකෑමක දී සාමාන්‍යයෙන් සිදුවන්නේ සමාජ මාධ්‍ය මගින් සංවිධාන වූ පිරිසක් සාප්පුවකට කඩා වැදී කඩාකප්පල්කාරී ලෙස එහි භාණ්ඩ අතට ගෙන ගෙවීම් නොකරම වහා එතැනින් පලා යාම යි.  මීට වසර කිහිපයකට පෙර උද්ගත වූ මේ තත්ත්වය මේ වන විට ඇමරිකාවේ සිල්ලර කර්මාන්තයට බරපතල අයුරින් හානි කර ඇත. මේ හේතුවෙන් ඇමරිකාවේ “සාප්පු සවාරි පාරාදීසය”නමින් හැඳින්වෙන Los Angeles නගරය පවා පාළුවට ගොස් තිබේ.

 Flash mob robbery කොල්ලකෑම් ඇමරිකාවේ මෙතරම් වැඩි වී ඇත්තේ ඇයි ?  ඇමරිකාවේ ආර්ථික හා සමාජ තත්ත්වයන් ඊට බල පා ඇතැයි කිව හැකිය. පසුගිය අගෝස්තු මාසයේ ඉහළ ගිය එරට විරැකියා අනුපාතය 2022 වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා ඉහළම මට්ටමට පත් ව ඇතැයි ඇමරිකාවේ කම්කරු දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනයක දැක්වේ. ඉහළ උද්ධමනය හා ජීවන වියදම් හමුවේ ඇතැම් ඇමරිකානු වැසියන්ට සාමාන්‍ය භාණ්ඩ පවා මිල දී ගැනීම අපහසු වී ඇත.

2020 වසරේ ඇමරිකාවේ දිළිඳු ජනගහණය එරට සමස්ත ජනගහණයෙන් 11.4%ක් වූ අතර එය 2019 වසරට වඩා 0.9%ක වර්ධනයකි. එහෙත් ඇමරිකානු ෆෙඩරල් සංචිතයේ වාර්තාවකින් ඊට හාත්පසින්ම වෙනස් තොරතුරු අනාවරණය වී තිබේ. එම වාර්තාවට අනුව, 2021 වසරේ සිව්වැනි කාර්තුවේ දී ඇමරිකාවේ ධනවත්ම පුද්ගලයන්ගේ වත්කම් වාර්තාගත ලෙස තුනෙන් එක් පංගුවකින් ඉහළ ගොස් ඇත. ඇමරිකානු සමාජයේ ධනවතුන් හා දුප්පතුන් අතර පවතින විශාල පරතරය මෙයින් මනාව පිළිබිඹු වේ.

 එසේම, ඩොලර් 950 කට අඩු වටිනාකමින් යුත් භාණ්ඩ සොරකම් කිරීම හෝ කොල්ලකෑම වැනි ක්‍රියා සඳහා ඇමරිකානු නීතියෙන් දැඩි දඬුවම් නොලැබීම සහ ඇමරිකාවේ පොලිස් බලකායේ පවතින නිලධාරීන් හිඟය මෙම කොල්ලකෑම් ඵලදායී ලෙස මර්දනය කිරීමට තවදුරටත් බාධා එල්ල කර තිබේ. Flash mob robbery සංසිද්ධිය තුළින් තියුණු ලෙස ඉස්මතු ව ඇත්තේ ඇමරිකානු ආර්ථික ව්‍යුහයේ හා සමාජ පරිපාලනයේ ‍දෝෂ බව ඉතා පැහැදිලි ය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම