ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාදාමයට ලෝක බැංකුවේ පූර්ණ සහාය
2023-09-19 17:22:26
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ලෝක බැංකු සභාපති අජේ බංගා පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික  ක්‍රියාදාමය සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද ලෝක බැංකු සභාපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ කීය .

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර විශේෂ හමුවක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී ලෝක බැංකු සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම