වෙළඳපල තරඟයට සන්සුන්ව මුහුණ දීමට යුරෝපයට විශ්වාසයක් තිබිය යුතුයි
2023-09-19 20:42:08
Share with:

මෑත දිනවල, යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen විසින් චීන විදුලි වාහන සම්බන්ධ   ප්‍රතිවිරෝධතා පරීක්ෂණයක් දියත් කිරීමේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් යුරෝපය තුල දැඩි මතවාදයක් මතු වෙමින් තිබේ. යුරෝපා සංගමයේ තීරණය යුරෝපයේ ඇතැම් මිනිසුන් අතර සාධාරණ තරඟකාරිත්වයට ඇති බිය පිළිබිඹු කරන බව ඇතැමි බටහිර මහජන මතය විශ්වාස කරයි. ඒ තාර්කික හඬය.

මෑත වසරවලදී, චීනයේ විදුලි වාහන කර්මාන්තය ප්‍රබල වෙළඳපල තරඟකාරිත්වයක් පෙන්නුම් කර ඇත. චීන මෝටර් රථ ව්‍යවසායන් නව්‍ය පර්යේෂණ හා සංවර්ධනය  අඛණ්ඩව ඉදිරියට ගෙන යන අතර චීනයේ අදාළ කාර්මික දාම හා සැපයුම් දාම අනෙකුත් රටවලට වඩා සම්පූර්ණ ය.

චීන මෝටර් රථ ව්‍යවසායන් හා සසඳන විට, යුරෝපයේ නව බලශක්ති වාහන නිෂ්පාදනය හා පර්යේෂණ සහ පරිවර්තනය වීමේ වේගය චීනය හා ඇමරිකාව යනාදී රටවලට වඩා පසුගාමී ය. ඇතැම් යුරෝපා රටවල් හා විශාල පරිමාණ මෝටර් රථ ව්‍යවසාකයෝ, යුරෝපා වෙළඳපොළ චීන නව බලශක්ති වාහන විසින් අත්පත් කර ගනු ඇතැයි කනස්සල්ලට පත්ව සිටිති. ඊනියා පරීක්ෂණය දියත් කිරීමේදී යුරෝපා සංගමයේ සැබෑ අභිප්‍රාය මෙයයි.

නැගී එන ඒකපාර්ශ්වවාදය සහ ආරක්ෂණවාදය සමඟ ජාත්‍යන්තර තත්වය හමුවේ, චීනය සහ යුරෝපා සංගමය සංවාදය හා සාකච්ඡා මගින් මතභේද විසඳා ගෙන, වෙළඳ ආරක්ෂණවාදයට ඒකාබද්ධව විරුද්ධ වී ගෝලීය කාර්මික හා සැපයුම් දාමවල ස්ථාවරත්වය පවත්වා ගත යුතු ය. ඒ ඓතිහාසික ප්‍රවණතා හා වෙළඳපල රෙගුලාසිවලට අනුකූල වන පියවරකි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම