චීන හා රුසියානු විදේශ ඇමතිවරුන් අතර හමුවක්
2023-09-19 14:42:33
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා රුසියානු විදේශ ඇමති Sergey Lavrov මහතා හමු වෙයි. එම හමුව ඊයේ (18) රුසියාවේ මොස්කව් නගරයේදී සිදු විය.

රාජ්‍ය නායකයින් දෙපළගේ උපාය මාර්ගික මඟපෙන්වීම යටතේ චීන-රුසියා සබඳතා හිතකර සහ ස්ථාවර සංවර්ධන වේගයක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, ප්‍රායෝගික සහයෝගීතාව අඛණ්ඩව ගැඹුරු වෙමින් ඇති බවත් වං යී මහතා එහිදී පැවසීය. චීනය සහ රුසියාව ස්වාධීන විදේශ ප්‍රතිපත්ති අනුගමනය කරන බව හෙතෙම පැවසීය. ඒකපාර්ශ්වික ක්‍රියා සහ ආධිපත්‍යවාදයේ නැගීම හමුවේ, චීනය සහ රුසියාව කාලානූරූප ප්‍රගතීන් අනුගමනය කළ යුතු අතර, තමාන්ට නියමිත ජාත්‍යන්තර වගකීම් ඉටු කළ යුතු අතර, වඩාත් සාධාරණ දිශාවකට ගෝලීය පාලනය ප්‍රවර්ධනය කළ යුතු බව වං යී මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම වසරේ මාර්තු මාසයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියාවේ සාර්ථක සංචාරයක් සිදුකර රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින් මහතා සමඟ වැදගත් හමුවක් පැවැත්වූ බවත් එය රුසියානු-චීන සබඳතාවල අනාගතය උදෙසා පැහැදිලි මඟපෙන්වීම ලබා දුන් හමුවක් බවත් Sergey Lavrov මහතා පැවසීය. දෙරටේ නායකයින්ගේ මාර්ගෝපදේශය යටතේ දෙරට අතර මීළඟ ඉහළ මට්ටමේ හුවමාරු සඳහා සූදානම් විය යුතු අතර ආර්ථික, වෙළඳාම, මානව ශාස්ත්‍ර, ක්‍රීඩා සහ තරුණයන් වැනි විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කිරීමට චීනය සමඟ කටයුතු කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය. ජාත්‍යන්තර තත්වයේ සංකීර්ණ හා විවිධ ස්වරූපයේ වෙනස්කම් වලට ප්‍රතිචාර වශයෙන්, රුසියාව සහ චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය වැනි බහුපාර්ශ්වික රාමු තුළ සම්බන්ධීකරණය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු අතර ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් ඒකාබද්ධව ආරක්ෂා කළ යුතු බව රුසියානු විදේශ ඇමතිවරවයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම