චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ ලේකම් කියුබාවේ නිල හා මිත්‍ර සංචාරයක
2023-09-19 11:38:24
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ, දේශපාලන මණ්ඩලයේ ස්ථාවර සාමාජික හා මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ කමිටුවේ මහ ලේකම් Li Xi මහතා, කියුබාවේ නිල සංචාරයක නිරත වෙයි. ඒ, පසුගිය 16 වැනිදා සිට 18 වැනි දා  දක්වා ය.

 එහිදී ඔහු කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේකම් හා එරට ජනාධිපති Miguel Díaz-Canel Bermúdez මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. එසේම Li Xi මහතා කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා සංවිධානයේ ලේකම්වරයා සහ කියුබානු විප්ලවයේ නායක ජනරාල් Raúl Castro මහතා හමු වී සාකච්ඡා කර තිබේ.

කියුබානු ජනාධිපතිවරයා හමුවේ Li Xi මහතා පෙන්වා දුන්නේ, කියුබාව සමඟ  එක් ව දේශපාලන පක්ෂ හා රාජ්‍ය පාලනය මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා පිළිබඳ අත්දැකීම් හුවමාරු කරගැනීමට චීනය සූදානමින් සිටින බවයි. එකිනෙකාගේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් අඛණ්ඩ සහයෝගය දැක්වීම ද චීනයේ අපේක්ෂාවක් බව හෙතෙම පැවසීය.  

කියුබානු ජනාධිපති Miguel Díaz-Canel Bermúdez මහතා  මෙහිදී පෙන්වා දුන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා චීනය ඵලදායී ලෙස ආරක්ෂා කර ඇති බවයි. තම රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට ලබාදෙන සහාය සම්බන්ධයෙන් කියුබාවේ කෘතවේදීත්වය චීනයට හිමි වන බව ද හෙතෙම කියාසිටියේය. කියුබාව, චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සමීප මිත්‍රශීලී හුවමාරුවක් පවත්වා ගැනීමට සහ ප්‍රායෝගික සහයෝගිතාවට සූදානම් බව ද හෙතෙම එහිදී පැවසීය.

කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා සංවිධානයේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවේ දී, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය සහ උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට දෙපාර්ශවය එකඟ විය. එසේම චීනයේ රාජ්‍ය අධීක්ෂණ කොමිෂන් සභාව සහ කියුබාවේ සාමාන්‍ය ගිණුම්කරණ කාර්යාලය අතර සහයෝගිතාව පිළිබඳ ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණ.

ජනරාල් Raúl Castro මහතා සමග පැවති හමුවේ දී, Li Xi මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙනුවෙන් ඔහුට සුහද සුබ පැතුම් පිරිනැමීය. චීනය සහ කියුබාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය දෙරට වැඩිහිටි පරපුරේ නායකයන් විසින් ප්‍රවේශමෙන් ගොඩනගන ලද්දකි. සංකීර්ණ සහ නිරන්තරයෙන් වෙනස් වන ජාත්‍යන්තර තත්ත්වයට මුහුණ දෙමින්, කියුබාව සමඟ එක්ව, පොදු ඉරණමක් චීන-කියුබා ප්‍රජාවක් ගොඩනැගීමට චීනය අපේක්ෂා කරන බව ද Li Xi මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම