චීන-ඇමරිකානු ඉහළ නිලධාරීන් අතර හමුවක්
2023-09-18 11:37:00
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, වං යී මහතා සහ ඇමරිකානු ජාතිකාරක්ෂක උපදේශක Jake Sullivan මහතා සාකච්ඡා පවත්වති.

පසුගිය 16 සහ 17 යන දෙදින එම සාකච්ඡා මෝල්ටා රාජ්‍යයේදී පැවැත්විණ. ද්විපාර්ශ්වික සම්බන්ධතා යථාවත් කිරීම පිළිබඳව ඔවුහු විවෘත ව අදහස් හුවමාරු කරගත්හ. තායිවාන ප්‍රශ්නය චීන-ඇමරිකානු සබඳතාවයට බල පාන මූලික සාධකයකි. ඇමරිකාව තායිවාන බෙදුම්වාදීන්ට සහය නොදීමේ පොරොන්දුව අකුරටම පිළිපැදිය යුතු බව වං යී මහතා එහිදී අවධාරණය කළේ ය. චීනයේ සංවර්ධනය වැළැක්විය නොහැකි බවත්, චීන ජනතාවගේ නිත්‍යනුකූල සංවර්ධන අයිතීන් නොසලකා නොහැරිය යුතු බවත්, ඔහු පෙන්වා දෙයි.

දෙරට රාජ්‍ය නායකයන් බාලි දූපතේ එළඹි එකඟතාව අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ඉහළ මට්ටමේ හුවමාරු පවත්වාගෙන යාමට දෙපාර්ශ්වය එකඟ වී ඇත. දෙරට පුද්ගල හුවමාරු වෙනුවෙන් තවදුරටත් පහසුකම් ලබාදීමේ පියවර පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම