පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාව විසින් යොමුකරන පැමිණිලි දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනය කිරීමේ කටයුතු ආරම්භ කරයි
2023-09-18 17:43:19
Share with:

මහජනතාව විසින් යොමුකරන පැමිණිලි දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනය කිරීමේ කටයුතු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආරම්භ කර තිබේ.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ යෝජනාවකට අනුව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමේ බලය විමධ්‍යගත කරමින් මෙම නව පියවර ක්‍රියාත්මක කළ බව එම අධිකාරිය සඳහන් කළේය.

ඒ අනුව දිස්ත්‍රික්ක 25 තුළ විමර්ශන පැවැත්විය හැකි ක්‍රියාපටිපාටියක් සකස් කර එම ක්‍රියාවලිය එළිදක්වා ඇති බව සඳහන්ය.

පාරිභෝගිකයන් යොමුකරන පැමිණිලි විමර්ශනය ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු වීම හේතුවෙන් විමර්ශන සිදුකිරීමට විවිධ බාධා එල්ලවීම් සඳහා ප්‍රමාදවීම් සිදුව තිබුණි.

මේ හේතුවෙන් පැමිණිලි රාශියක් විමර්ශනයකින් තොරව අධිකාරිය තුළ එක්රැස් වීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබූ බව සඳහන්ය.

කෙසේවෙතත් නව ක්‍රමවේදය හරහා දිස්ත්‍රික් මට්ටමින් අදාළ පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීමට හැකිවනු ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම