යුක්රේනයට ආයුධ සපයමින් ඇමරිකාව රුසියාවට එරෙහිව යුද්ධයක
2023-09-18 14:53:01
Share with:

යුක්රේනයට ආයුධ ලබා දීමෙන් ඇමරිකාව මූලික වශයෙන් රුසියාවට එරෙහිව යුද්ධයක් මෙහෙයවන බව රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා පවසයි. රුසියානු මාධ්‍ය ඊයේ (17) මේ බව  වාර්තා කළේය.

ඇමරිකාව යුක්රේනයට දිගු දුර මිසයිල ලබා දීමේ හැකියාව පිළිබඳව අදහස් දක්වමින් Sergey Lavrov මහතා පැවසුවේ රුසියාව සහ යුක්රේනය අතර ගැටුම පාලනය කරන්නේ ඇමරිකාව බවයි. ඇමරිකාව යුක්රේනයට ආයුධ, උණ්ඩ, බුද්ධි තොරතුරු සහ චන්ද්‍රිකා දත්ත ලබා දෙන බවත් රුසියාවට එරෙහිව යුද්ධයක් දියත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම