ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට රජය තීරණය කරයි
2023-09-18 17:42:23
Share with:

ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට රජය තීරණය කර ඇත.

රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී නියාමනය පමණක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම ඉදිරි අනාගතයේ දී පෞද්ගලික ක්ෂේත්‍රයේ මත රඳා පවතිනු ඇති බවත් රජය හුදෙක් නියාමන අධිකාරියක් වශයෙන් පමණක් ඉදිරියේදී කටයුතු කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාව ආර්ථික ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රජයේණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වසර අග භාගයේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම