පරිසරය සුරැකීමට කාර්ය සාධක බලකායක්
2023-09-18 17:41:29
Share with:

පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.

ප්‍රතිව්‍යුහගතකිරීමේ කටයුතු සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කිරීමට කමිටුවක් පත් කිරීමට නියමිත බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය.

එසේම පරිසර දූෂණය වළක්වා පරිසරය රැක ගැනිමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කාර්ය සාධක බලකායක් ද පත් කිරීමට නියමිත බවත් පරිසරය සුරැකීමට අදාළ වැඩසටහන් සකස් කර එය ක්‍රියාත්මක කිරිම සහ අධීක්ෂණය කිරීම එම කාර්ය සාධක බලකායට පැවරෙන බවත් ඒ මහතා පැවසීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ වරාය නගරයේ කෘතිම වෙරළ තීරයේ දී පැවති වෙරළ පවිත්‍රතා වැඩසටහනට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම