“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව සාර්ථක ව අවසන්
2023-09-17 15:35:25
Share with:

“2023- G77 සහ චීනය රාජ්‍ය නායක සමුළුව”අවසන් වේ.

එය කියුබාවේ Havana අගනුවර දී ඊයේ(16)නිමාවට පත්විය. දෙදින සමුළුවෙන් පසු ඊට එක්වූ නියෝජිතයන් Havana ප්‍රකාශය අනුමත කර ඇත. චීනය විසින් ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම අගය කළ රාජ්‍ය නායකයෝ ඩිජිටල් සහ තාක්ෂණික සහයෝගිතාව ඔස්සේ දකුණුදිග රටවල සංවර්ධනය සහතික කිරීමට සහාය වන බව ද ප්‍රකාශ කළහ. 

අප්‍රිකානු සංගමයේ වාරික සභාපති, කොමොරොස් රාජ්‍යයේ ජනාධිපති Azali Assoumani මහතා මෙහිදී ප්‍රකාශ කළේ, ලෝක ආර්ථික සංවර්ධනය උත්තේජනය කිරීම සඳහා චීනය ඉදිරිපත් කළ ඩිජිටල් සහයෝගිතාව අගය කරන බවයි. එය, චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ වැදගත් කොටසක් බව ද හෙතෙම සඳහන් කළේය.

ජිබුටි ජනරජයේ අග්‍රාමාත්‍ය Abdoulkader Kamil Mohamed මහතා පැවසුවේ දකුණු-දකුණු සහයෝගිතාව සමගිය තහවුරු කිරීමේ වැදගත් මාර්ගයක් වන අතර, චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුම ඊට මනා පිටුබලයක් බවද හෙතෙම පැවසීය. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම