දකුණු චීන මුහුදු කලාපයේ බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව ලබන මාසයේ
2023-09-17 16:56:06
Share with:

දකුණු චීන මුහුදු කලාපයේ 08 වැනි බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව ලබන ඔක්තෝබර් 24- 26 වැනි දා දක්වා  දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරේ.

එහි සත්කාරකත්වය දරන්නේ, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය යි. මෙම සාකච්ඡාවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 24 වැනි දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

මෙහි මූලික සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

චීනයේ ෂෙන්සෙන්හි හොංෆා විහාරස්ථානයේ මූලිකත්වයෙන් 2016 වසරේ සිට සංවිධානය කරනු ලබන දකුණු චීන මුහුදු කලාපයේ බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව වාර්ෂික අන්තර්ජාතික කතිකාවකි. “සමගියෙන් එක් ව ගමන් කරමින් සේද මාවතේ ප්‍රඥාව රැස්කරන්න” යන තේමාව යටතේ රටවල් 22 ක සහභාගිත්වයෙන් මෙවර එය පැවැත්වෙනු ඇත. මෙවර වටමේස සාකච්ඡාවේ සාර්ථකත්වය සඳහා අදාළ රාජ්‍ය ආයතනවලින් ඉටුකර ගැනීමට අපේක්ෂිත කාර්යභාරය පිළිබඳව ද මෙහිදී අවධානයවිය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම