ලිබියාවට විවිධ රටවලින් සහනාධාර
2023-09-17 15:25:07
Share with:

ලිබියාවේ 800,000 කට වැඩි පිරිසක් ගංවතුරෙන් විපතට පත් ව ඇතැයි ජාත්‍යන්තර රතු කුරුස සහ රතු චන්ද්‍රවංක සමිති සම්මේලනය පවසයි. එය එරට මිලියන 7 ක් පමණ වන ජනගහණයෙන්  11.4% කි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (16) පැවසුවේ, විපතට පත් ප්‍රදේශවල මුදාගැනීමේ ප්‍රයත්නයන්ට බොහෝ බාධක තිබියදීත්, දිවි ගලවා ගත් අය පිළිබඳ බලාපොරොත්තු බොහෝදුරට සුන් ව තිබියදීත්, දෙස් විදෙස් ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් අදාළ මෙහෙයුම් සඳහා වෙහෙසෙමින් සිටින බවයි.

ජාත්‍යන්තර සහන සැපයුම් ඊයේ (16) සිට ලිබියාවට ළඟාවෙමින් පවතී. ටොන් 29ක වෛද්‍ය සහ හදිසි සැපයුම් තොගයක් ලිබියාවේ බෙන්ගාසි නගරයට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය. මීට අමතරව රුසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තවත් රටවල් කිහිපයක මානුෂීය සහනාධාර ද එරටට ළඟා වී ඇත. ආහාර, උණුසුම් පොරෝනා, කූඩාරම්, ආලෝකකරණ උපකරණ හා වෛද්‍ය සැපයුම් ඒ අතර වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම