මෙරට මාතෘ හා ළමා සෞඛ්‍යයට කෘතිම බුද්ධිය හඳුන්වාදීමේ ව්‍යාපෘතියක්
2023-09-17 18:15:40
Share with:

කැනේඩියානු රජයේ ආධාර මත ක්‍රියාත්මක ජාත්‍යන්තර පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය ඇතුළු ආයතන කිහිපයක මැදිහත්වීමෙන් දකුණු ආසියාතික රටවල මාතෘ, ළමා හා යොවුන් සෞඛ්‍යයට කෘත්‍රිම බුද්ධිය අන්තර්ග්‍රහණය කිරීමේ ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබේ.  මේ සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ පීඨය විසින් ඉදිරිපත් කෙරුණු පර්යේෂණ යෝජනාවලිය තෝරාගනු ලැබ ඇත.

බස්නාහිර පළාතේ ගැබිණි මව්වරුන් දෙදහසක පමණ නියැඳියක් යොදාගනිමින්,  කුස තුළ සිටින දරුවාට විය හැකි සංකූලතා පුරෝකථනය කළ හැකි කෘත්‍රිම බුද්ධි මෙවලමක් වැඩි දියුණු කිරීම සහ එහි සාර්ථකත්වය ඇගැයීම මෙම පර්යේෂණයේ අරමුණයි. මෙම නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල අනුව එම මෙවලම රට පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.

මාතෘ හා ළමා සත්කාරක සේවාවේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකිය හැකි මෙම වැඩපිළිවෙළ එම ක්ෂේත්‍රයට කෘත්‍රිම බුද්ධිය අන්තර්ග්‍රහණය කිරීමේ ප්‍රථම ව්‍යාපෘතිය ද වනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම