ජනපති ඇමරිකාවට
2023-09-17 14:57:40
Share with:

කියුබාවේ පැවති 'ජී 77 සහ චීනය' රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමිණෙයි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට එක්වීම සඳහා ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවරට අද(17) අලුයම ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

'ජී 77 සහ චීනය' රාජ්‍ය නායක සමුළුව ඉකුත් 15 වැනි දා  ඇමතූ  ජනාධිපතිවරයා එහි දී පෙන්වා දුන්නේ, ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණදීමේ දී විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන අංශයට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බවයි.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරය හෙට (18) සිට ලබන 21 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය. රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වැනි දා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය පවත්වනු ඇතැ යි ද  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම