ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මධ්‍යස්ථ ව පැවතිය යුතු බව ඉරානය අවධාරණය කරයි
2023-09-17 16:25:24
Share with:

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය, බටහිර රටවල දේශපාලන මැදිහත්වීම්වලින් දුරස් ව, මධ්‍යස්ථ අයුරින් පැවතිය යුතු බව ඉරානය පවසයි.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ඊයේ (15) ප්‍රකාශ කර තිබුණේ, සිය ආයතනයේ පරීක්ෂකවරුන් කිහිපදෙනෙකුගේ පත්වීම් අවලංගු කරන බව ඉරානය දැනුම් දුන් බවයි. එම පියවර මගින් “ඉරානයේ කටයුතු අධීක්ෂණය සඳහා තම ආයතනය සතු බලයට දැඩි බලපෑම් එල්ල වූ ”බව ද එම ඒජන්සිය පවසා ඇත.

මීට ප්‍රතිචාර ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Nasser Kanaani මහතා ඉහත අදහස් දැක්වීය. 

ඉරානය, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමඟ ඵලදායී  අදහස් අඛණ්ඩව හුවමාරු කර ඇතත්, බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ජර්මනිය යන යුරෝපා රටවල් තුන හා ඇමරිකාව සිය දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා එම ඒජන්සියේ අධ්‍යාක්ෂ මණ්ඩලයේ බලය අයුතු ලෙස භාවිත කර ඇත. බටහිර රටවල් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ කටයුතුවලට මැදිහත් නොවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඉරාන විදේශ අමාත්‍යාංශය දැනුම් දී ඇත. 

 ගිවිසුම්ගත රාමුවේ සඳහන් අන්දමට එම ඒජන්සිය සමඟ ඉරානය සක්‍රිය සහයෝගිතා පවත්වන බව ද Nasser Kanaani මහතා කියාසිටී. එමෙන්ම ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය මධ්‍යස්ථ ව පැවතිය යුතු  බව ද හෙතෙම යළි අවධාරණය කළේය.   

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම