නව මහ බැංකු පනත මගින් මහ බැංකුව තවදුරටත් ස්වාධීන වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි
2023-09-16 15:17:15
Share with:

නව මහ බැංකු පනත සම්මත වීම මඟින් මුදල් මුද්‍රණය කිරීම සඳහා ඉල්ලීම් කිරීමට රජයට ඇති අවස්ථා දැඩි ව සීමා කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, මෙම පනත තුළින් මහ බැංකුව තවදුරටත් ස්වාධීන කිරීමට පියවර ගෙන ඇති බවයි.

නව මහ බැංකු පනත මගින් මහ බැංකුව තවදුරටත් ස්වාධීන වී තිබේ. මහ බැංකුවේ ජනතා පරමාධිපත්‍යයට ඇති බැඳීම තවදුරටත් පුළුල් වී ඇත. නව මහ බැංකු පනත අනුව රජයට මුදල් මුද්‍රණය කරන ලෙසට  මහ බැංකුවෙන් කළ හැකි ඉල්ලීම ඉතාමත් සීමිත බවද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම