දකුණු-දකුණු සහයෝගතාවේ නව පරිච්ඡේදයක් විවර කිරීම සඳහා G 77 සාමාජිකයින් සමඟ කටයුතු කිරීමට චීනය සූදානම්
2023-09-16 15:24:05
Share with:

දකුණු-දකුණු සහයෝගතාවේ  නව පරිච්ඡේදයක් විවර කිරීම සඳහා G 77 සාමාජිකයින් සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව‍ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික ලී ෂී මහතා පවසයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගේ  විශේෂ නියෝජිතයා ලෙස කියුබාවේ හවානා හි පැවති G 77 කණ්ඩායමේ සහ චීනයේ සමුළුවට සහභාගීවෙමින් හෙතෙම ප්‍රකාශ කළේ G77 සාමාජිකයින් සමඟ හවුල් අනාගතයක් සහිත ගෝලීය දකුණු ප්‍රජාවක් ගොඩනැගීමට චීනය කැමති බවයි.

හෙතෙම G77 සහ චීනය අතර සහයෝගීතාවය සම්බන්ධයෙන් කරුණු තුනකින් යුත් යෝජනාවක් ද ඉදිරිපත් ක‍ළේය. G77 සාමාජිකයන් නිදහස සහ සමගිය තුළින් වැඩි සාමූහික ශක්තියක් සඳහා කැපවී සිටීම ඉන් එක් කරුණකි.

ඊට අමතරව, ඔහු සමානාත්මතාවය, යුක්තිය සහ පොදු බව  වෙනුවෙන් පෙනී සිටීමට ද එම සාමාජිකයන් දිරිමත් කළේය. සංවර්ධනය, පුනර්ජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාවය ලුහුබඳින ලෙසට ද හෙතෙම ආයාචනා කළේය.

සංවර්ධන සම්පත් ප්‍රශස්ත කිරීම, දකුණු-දකුණු සහයෝගීතාව ගැඹුරු කිරීම, එක් තීරයක් එක් මාවතක් මුලපිරීම, එම සහයෝගීතාවයේ පොදු භාණ්ඩ කාර්යක්ෂමව භාවිත කිරීම සහතික කිරීම සඳහා චීනය G77 සාමාජිකයින් සමඟ සමීප සන්නිවේදනය සහ සම්බන්ධීකරණය  අඛණ්ඩව පවත්වා‍  ගෙන යන බවද ලී ෂී මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම