ව්‍යාපාරිකයෙන් ගේ විශ්වාසය වැඩි දුරටත් ඉහළ නංවන චීනයේ නවතම ආර්ථික දත්ත
2023-09-16 16:57:18
Share with:

             

ඊයේ (15) චීන රජය නවතම ආර්ථික දත්ත නිකුත් කළේය . ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ චීන පාරිභෝගික භාණ්ඩවල සිල්ලර මිල 2022 වසරේ සමාන කාලයට සාපේක්ෂ ව 4.6%කින් වර්ධනය වූ අතර එය පසුගිය ජූලි මාසයට වඩා 2.1%කින් වැඩි වී ඇතැයි එම දත්තවල දැක්වේ. මෙම වසරේ ලෝක ආර්ථිකය මන්දගාමී තත්ත්වයක පැවතීම හේතුවෙන් චීනය නිකුත් කළ මෙම ආර්ථික දත්ත මගින් ලෝක ආර්ථික වර්ධනයේදී චීනයට හිමි වන වැදගත් ස්ථානය යළි තහවුරු වී තිබේ. බොහෝ විදෙස් සමාගම් සිය ව්‍යාපාර පුළුල් කිරීම සඳහා චීනය තෝරාගෙන ඇත්තේ එබැවිනි.

 චීනය සතුව ඇත්තේ අඛණ්ඩව වර්ධනය වන දැවැන්ත වෙළඳපොළකි. මෙවන් වෙළඳපොලකින් ආයෝජකයන්ට සැලකිය යුතු ස්ථාවර ප්‍රතිලාභ ලබාගත හැකි බව නොරහසකි. පසුගිය අගෝස්තු මාසයේ පමණක් චීන ජාතිකයන්ගේ සංචාරක,ආහාරපාන, නවාතැන්, ගමනාගමන ඇතුළු පරිභෝජන අවශ්‍යතා ඉහළ ගිය බව චීනය නිකුත් කළ නවතම දත්තවලින් පෙන්නුම් කෙරේ.මධ්‍ය ආදායම්ලාභීන් විශාල සංඛ්‍යාවක් චී‍නයේ සිටින ‍බැවින් පාරිභෝගික ක්ෂේත්‍රවල විශාල ව්‍යාපාරික අවස්ථා පවතී. ගෙවුණු වසර 5 තුළ චීනයේ ආයෝජනය කළ විදෙස් සමාගම් උපයාගත් ලාභ අනුපාතය 9.1%ක් බවත්, එම අනුපාතය යුරෝපයේ හා ඇමරිකාවේ ආයෝජනය කළ විදෙස් සමාගම් ලද ලාභයන්ට සාපේක්ෂ ව 3%කින් වැඩි බවත්, සංඛ්‍යාලේඛනවලින් හෙළි වේ. එමෙන් ම චීනයේ ක්‍රියාත්මක විද්‍යා තාක්ෂණික නවෝත්පාදන විදෙස් සමාගම් අදාළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් යහපත් පරිසරයක් නිර්මාණය කර තිබේ.මේ වසරේ තව තවත් විදෙස් සමාගම් සිය පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන චීනයේදී ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත. චීනයේ දැවැන්ත වෙළඳපොල, අංගසම්පූර්ණ කාර්මික පද්ධතිය සහ සරු ප්‍රවීණ මානව සම්පත ඊට බල පෑ වැදගත් සාධක ලෙස සැලකිය හැකිය.

            

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම