මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා අදහස් හා යෝජනා යොමු කරන ලෙසට ජනතාවට ඉල්ලීමක්
2023-09-16 15:18:20
Share with:

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා අදහස් හා යෝජනා යොමු කරන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.

රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළයුතු ක්‍රමවේද සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබාදීමට මෙමඟින් මහජනතාවට අවස්ථාව ලබා දී ඇත.

පසුගිය ජුනි මස 08 වැනිදා කථානායකවරයා විසින් මේ සඳහා ක්‍රියාත්මක කළයුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාවක් පත් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සභාපතිත්වය දරන මෙම විශේෂ කාරක සභාව, කමිටු සාමාජික මන්ත්‍රීවරයන් 11 දෙනෙකුගෙන් සමන්විතය.

මෙම විශේෂ කාරක සභාවේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු සහකාර මහලේකම් හංස අබේරත්න මහතා කටයුතු කරනු ලබයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම