වෙනිසියුලානු ජනපතිගේ චීන සංචාරය ඉහළ සාර්ථකත්වයක් අත්කර ගනී
2023-09-15 11:12:45
Share with:

               

පසුගිය දා වෙනිසියුලානු ජනාධිපති Nicolás Maduro Moros මහතා නිරත වූ චීන සංචාරය ප්‍රතිඵලදායක සංචාරයක් බව ලතින්-ඇමරිකානු මාධ්‍ය පවසා ඇත. වෙනිසියුලාව චීනය සමග සම්බන්ධතා ආරම්භ කළේ 19වැනි සියවසේ 40 දශකයේදී ය. 1974 වසරේ ජුනි මස 28වැනි දා දෙරට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර මේ දක්වා දැඩි මිත්‍රත්වයක් ගොඩනගා තිබේ. එම මිතුදම මෙවර Nicolás Maduro Moros ජනාධිපතිවරයාගේ චීන සංචාරය තුළින් තවත් ඉහළ තලයකට වර්ධනය විය.

දිගු කාලයක් පුරා චීනය වෙනිසියුලාවට විවිධාකාරයෙන් සහය ලබාදී තිබේ. විශේෂයෙන් ඇමරිකාව වෙනිසියුලාවට එරෙහිව සම්බාධක පැනවීමෙන් පසු සහ කොවිඩ් වසංගතය පැතිරුණු සමයේ චීනය එන්නත් ඇතුළු වෛද්‍ය උපකරණ සහ වෙනත් ආධාර ‍නොමඳව වෙනිසියුලාවට පරිත්‍යාග කර තිබිණ. දෙරට සම්බන්ධතාව අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයක් දක්වා ඉහළ නංවාලීමට Nicolás Maduro Moros ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී එකඟතාව පළ කර ඇත. සිය සංවර්ධන අත්දැකීම් වෙනිසියුලාව සමග බෙදා ගනිමින් වෙනිසියුලාවේදී විශේෂ ආර්ථික කලාප ගොඩ නැගීමට සහය දෙන බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය චීනයේ සීඝ්‍ර වර්ධනයේ රහසකි. මෙම රහසින් සිය රටට ගත හැකි දේ පිළිබඳ වෙනිසියුලානු ජනාධිපතිවරයා සිය චීන සංචාරයේදී සොයා බැලීය. ඔහු චීනය ප්‍රථමයෙන් ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කළ Shenzhen නගරයට ගොස් එහි විශේෂ ආර්ථික කලාපයේ ක්‍රියාකාරීත්වය හා අත්දැකීම් අධ්‍යයනය කිරීම සුවිශේෂ අවස්ථාවකි.

මේ වසරේ මුල් මාස හයේ චීන-වෙනිසියුලා භාණ්ඩ වෙළඳාම 16%කින් වර්ධනය වී තිබේ. වෙනිසියුලාවෙන් භාණ්ඩ ආනයනය කිරීම තවත් පුළුල් කරන බවට දෙරට ජනාධිපතිවරුන්ගේ හමුවේදී චීනය කැමැත්ත පළ කර ඇත. ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රයේ පමණක් නොව ජාත්‍යන්තර වේදිකාවේදීත් දෙරට වඩාත් සහයෝගයෙන් කටයුතු කරන බවට විශ්වාස කෙරේ. බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණයට එක්වීම සඳහා පසුගිය අගෝස්තු මාසයේ වෙනිසියුලාව අයදුම් කර ඇත. ඊට සහය දෙන බව චීනය ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම