තමා වැරදි කරමින් අනුන් මත වරද පටවන ඇමරිකාවේ සැබෑ ස්වරූපය යළිත් හෙළිවෙයි
2023-09-15 20:48:41
Share with:

චීනයේ වයඹදිග බහුතාක්ෂණික විශ්වවිද්‍යාලය අන්තර්ජාල හැකර් ප්‍රහාරයට ලක්වීම පිළිබඳ නඩුවට අදාළ විමර්ශන මෑතක දී ඉහළ ප්‍රගතියක් ලබා ඇත. මේ යටතේ, ‘SecondDate’ නම් ඔත්‍තු සේවා මෘදුකාංගය පරීක්ෂා කිරීමේ දී ඒ පිටුපස සිටින ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සි නියෝජිතයන්ගේ සැබෑ අනන්‍යතාව හඳුනා ගැනීමට චීන පාර්ශ්වය සමත් විය. ඇමරිකානු රජය සෙසු රටවලට අන්තර්ජාල ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ තවත් පැහැදිලි සාක්ෂියක් ලෙස මෙය සැලකිය හැකිය.

චීන පරිගණක වෛරස හදිසි හැසිරවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවකට අනුව,  ‘SecondDate’ මෘදුකාංගය ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් සංවර්ධනය කරන ලද අන්තර්ජාල ඔත්තු සේවා අවියකි. දත්ත ගලන තත්ත්වය රහසේ නිරීක්ෂණය කිරීම,  ‘Man-in-the-MiddleAttack’, ද්වේෂසහගත කේත ඇතුළත් කිරීම වැනි ක්‍රියා එමගින් සිදු කෙරෙන අතර, සෙසු ද්වේෂසහගත මෘදුකාංග සමග සම්බන්ධ වී සංකීර්ණ අන්තර්ජාල ඔත්තු බැලීම් ද මෙමගින් සිදුකෙරේ. ‍මීට අමතරව, ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක jumpserver උපාංගයක් ද චීන පාර්ශ්වය විසින් සොයාගැනිණ. ඒවා බහුතරයක් ව්‍යාප්ත ව ඇත්තේ ජර්මනිය, ජපානය, දකුණු කොරියාව හා ඉන්දියාව යන රටවල හා චීනයේ තායිවාන ප්‍රදේශයේ යි. එමගින් ඉලක්කගත තැන්වල හෝ පුද්ගලයන්ගේ රහස් දිගුකාලීන ව සොරකම් කිරීමටත් ඕනෑ ම අවස්ථාවක  අන්තර්ජාල ප්‍රහාර එල්ල කිරීමටත් හැකියාව ලැබේ.

එහෙත් මෙහි පවතින උපහාසාත්මක කරුණ වන්නේ, ඇමරිකානු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ ‘2023 අන්තර්ජාල උපායමාර්ග’ පිළිබඳ සාරාංශ ලේඛනය, ඊනියා ‘චීන තර්ජනයක්’ යළිත් වරක් හුවාදැක්වීමයි. 

මෙය සැබැවින්ම ඇමරිකාවේ පැරණි උපායමාර්ගයකි. 2013 වසරේ සිටම ඇමරිකානු රජය අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් චීනයට අපහාස එල්ල කරමින් සිටී. එහෙත් ඊට අදාළව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඇමරිකාව අසමත් වීම ද කැපීපෙනේ. තත්ත්වය මෙසේ තිබිය දී  ඇමරිකාව සිදුකළ  රහස් සවන්දීම් ඇතුළු ඔත්තු සේවා කටයුතු පිළිබඳ තොරතුරු අඛණ්ඩව අනාවරණය විය. ඒ අනුව, චීනය ඇමරිකාවේ එවන් අන්තර්ජාල රහස් සොරකම්වලට ලක් වූ  වින්දිතයෙකු බව පැහැදිලි සත්‍යයකි. ඇමරිකාවේ මෙම ක්‍රියාව, සොරා විසින්ම සොරා කවුරුන් දැයි ප්‍රශ්න කිරීමක් හා සමානය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම