නැගෙනහිර ලිබියාවේ Derna හි ගංවතුරින් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11,300 දක්වා ඉහළට
2023-09-15 11:05:19
Share with:

ප්‍රබල බලපෑම් එල්ල වී ඇති නැගෙනහිර ලිබියාවේ Derna හි ගංවතුරින් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11,300 දක්වා ඉහළ යයි. අතුරුදන් ව සිටින පුද්ගලයින් 10,000කට අධික ය. මේ සමග, Derna නගරය ඉහළම මට්ටමේ හදිසි තත්ත්වයට පිවිසෙන බව එහි හදිසි පාලන හා බේරා ගැනීමේ මධ්‍යස්ථානය ඊයේ(14)  ප්‍රකාශ කළේ ය.

වර්තමානයේ, ජාත්‍යන්තර සහන කණ්ඩායම් ලිබියාවේ විපත් ප්‍රදේශ බලා පිටත් වෙමින් සිටිති. එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාගේ ප්‍රකාශක Stephane Dujarric මහතා පසුගිය දා පැවසුවේ ලිබියාවේ එක්සත් ජාතීන්ගේ කණ්ඩායම අදාළ සම්බන්ධීකරණ කටයුතුවල නිරත වෙමින් පීඩාවන්ට ලක්වූවන්ට හදිසි මානුෂීය සහනාධාර ලබා දෙමින් සිටින බවයි.

ලිබියාවේ විපත් ප්‍රදේශ වලට ඇ.ඩො. මිලියන 2ක හදිසි සහනාධාරයක් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ(14) ප්‍රකාශ කළේ ය. එසේ ම, හදිසි වෛද්‍ය කණ්ඩායම් ජාලයක් යොදා ගනිමින් මෙට්‍රික් ටොන් 28ක වෛද්‍ය හා හදිසි සැපයුම් තොගයක් අද(15) එම ප්‍රදේශ වලට ළඟා වනු ඇතැයි එම සංවිධානය පවසයි. විධිමත් ඇගැයීම්වලින් පසු ඊසානදිග ලිබියා‍වට ආහාර සපයනු ඇති බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම