න්‍යෂ්ටික දූෂිත ජලය සාගරයට මුදා හැරීමෙන් මානව හිමිකම් කඩකිරීම චීන තානාපතිවරයා හෙළා දකී
2023-09-15 10:05:04
Share with:

ජපාන රජය ඒකපාර්ශ්විකව සහ බලහත්කාරයෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම, පැසිෆික් වෙරළබඩ රටවල සහ ලොව පුරා සිටින ජනතාවගේ සෞඛ්‍ය, සංවර්ධනය සහ පරිසරය සඳහා වන අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව, චීන තානාපතිවරයා පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත, තානාපති Chen Xu මහතා මේ බව පැවසුවේ ඊයේ(14) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ආරක්ෂිත පානීය ජලය සහ සනීපාරක්ෂාව සඳහා මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු සමඟ පැවති සංවාදයකදීය.

ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂිත ජලය ආරක්ෂිත නම් එය මුහුදට මුදා හැරීමට අවශ්‍ය ‍නොවනු ඇත. එය අනාරක්ෂිත නම්, අනිවාර්යෙන්ම මුහුදට මුදා හැරීම නොකළ යුතුය. මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස චීනය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින අතර, ජපානයේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම වහාම නතර කරන කිරීමට පෙළඹිය යුතු බව, Chen Xu මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම