මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සඳහා සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බව චීන නියෝජිතයා අවධාරණය කරයි
2023-09-14 10:27:50
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත Chen Xu මහතා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයේ 2 වැනි අයිතමය පිළිබඳ සාමාන්‍ය විවාදයේ දී, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ දේශනයක්  කළේ ය. මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීම මෙන්ම, ලෝකයේ මානව හිමිකම් සුරැකීමට ධනාත්මක ශක්තියක් ලබා දිය යුතු බව, Chen Xu මහතා එහිදී පැවසීය.

ලෝක මානව හිමිකම් ප්‍රකාශය සැමරීමේ 75 වන සංවත්සරය මෙන්ම, වියානා ප්‍රකාශය සහ ක්‍රියාකාරී වැඩසටහනේ 30 වන සංවත්සරය නිමිත්තෙන්, මානව හිමිකම් ප්‍රවර්ධනයට සහ ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු ය.

චීනය සිය ජාතික තත්ත්වයන්ට ගැලපෙන මානව හිමිකම් සංවර්ධන මාවතකට අනුගත වන අතර, ඉතිහාසයේ ප්‍රථම වතාවට දිළිඳුකම සම්පූර්ණයෙන් තුරන් කර, මානව හිමිකම් සංවර්ධනයේ විශාල ප්‍රගතියක් ලබා ඇති බව, Chen Xu මහතා අවධාරණය කළේ ය.

ලෝකයේ මානව හිමිකම් සංවර්ධනයට, ඒ ඒ රටවල් සමඟ අන්‍යෝන්‍ය ගෞරවය සහ සමාන සැලකීමේ පදනම මත කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව, ඔහු එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම