ලිබියාවේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට ජගත් ප්‍රජාවෙන් සහන
2023-09-14 10:35:43
Share with:

ලිබියාවේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට ජගත් ප්‍රජාව සහන සලසයි.

Daniel නමැති සුළි කුණාටුවේ බලපෑමෙන් නැගෙනහිර ලිබියාවේ Derna හි හතරෙන් එකක භූමි ප්‍රමාණයක් ගංවතුරෙන් යට වී ඇත. මේ වනවිට, ඉන් මිය ගිය පුද්ගලයින් ගේ සංඛ්‍යාව 5300කට අධික ය. දසදහස් ගණනාවක පුද්ගලයන් අතුරුදන්ව සිටින බව ද එරට වාර්තා පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාගේ ප්‍රකාශක Stephane Dujarric මහතා පසුගිය 12වැනි දා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ලිබියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් අදාළ සම්බන්ධීකරණ කටයුතු වල නිරත වෙමින් පීඩාවන්ට ලක්වූවන්ට හදිසි මානුෂීය සහනාධාර ලබා දෙමින් සිටින බවයි.

‍දැනටමත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, තුර්කිය, ඇල්ජිරියාව යොමු කර ඇති සහනාධාර සැපයුම් හා තාක්ෂණිකයන් ලිබියාවට ළඟා වී ඇත.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම