මානව හිමිකම් මහකොමසාරිස්ගේ වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ කනස්සල්ල
2023-09-14 18:34:51
Share with:

පාස්කු ප්‍රහාරය පිළිබඳව, ජාත්‍යන්තර ආරක්ෂක සංවිධානවල සහාය ඇති ව ශ්‍රී ලංකාව පූර්ණ පරීක්ෂණයක් පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබියදීත්, මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මගින් ඒ පිළිබඳ සාවද්‍ය කරුණු ඉදිරිපත් කර තිබීම කනගාටුදායක බව, ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය  කියාසිටී. ඇය මේ බව ප්‍රකාශ කළේ, අද (13) මානව හිමිකම් කොමිසමේ 54 වැනි සැසිවාරයේ තුන්වැනි දිනයට එක්වෙමිනි. 

එහිදී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය පෙන්වා දුන්නේ, අදාළ වාර්තාව සඳහා වැරදි සහගත, තහවුරු නොකළ හා පක්ෂග්‍රාහී මූලාශ්‍රවලින් තොරතුරු ලබාගෙන ඇති බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරිපූර්ණ පරීක්ෂණයක්  රජය විසින් පවත්වා ඇති අතර, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් මගින් ඒ පිළිබඳ විමර්ශනය කොට එහි වාර්තාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි ද නියෝජිතවරිය පැවසුවාය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය, එෆ්.බී.අයි. සහ ඉන්ටපෝල් යන ආයතනවල ද සහාය ලබා ගනිමින් ශ්‍රී ලංකාව සිදු කළ විමර්ශනය ඇතුළු ඊට අදාළව ගැනුණු සහ වත්මන් සියලු ක්‍රියාමාර්ග ඇය මෙහිදී විග්‍රහ කළාය.  

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම