සංචාරයට ලොව හොඳම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්
2023-09-14 18:33:49
Share with:

සංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතරෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ. සංචාරක වෙබ් අඩවියක් වන, බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය  මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත. ඒ, 2023 වසරේ සංචාරකයන් වෙනුවෙන් මෙරට ඇති අවස්ථා සැලකිල්ලට ගනිමිනි. 

ඒ අනුව, සංචාරය කිරීම සඳහා ලොව හොඳම දූපත් 50 ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇත. 

ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 13 වන ස්ථානයේ පසුවන අතර ස්පාඤ්ඤය, මැලේසියාව, මාලදිවයින, ඉන්දුනීසියාව සහ සීශෙල්ස් යන රටවලට ඉහළින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම විශේෂත්වයකි.

සංචාරකයන්ට මිත්‍රශීලි ආගන්තුක සත්කාර දැක්වීම සහ ප්‍රණීත ආහාරපාන සැපයීම හා වෙරළේ සුන්දරත්වය මෙන්ම පෞරාණික නටබුන් නැරඹීමට හැකියාව ශ්‍රී ලංකාව තුළ පවතින බව අදාළ වෙබ් අඩවිය සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම