ජපානයේ Fukushima නගර වැසියන් පිරිසක් Tokyo ප්‍රාදේශීය අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරයි
2023-09-14 10:24:54
Share with:

ජපානයේ Fukushima නගරයේ වැසියන් පිරිසක් විසින් 2022 වසරේ ජනවාරි මාසයේ Tokyo ප්‍රාදේශීය අධිකරණයට සාමූහික නඩුවක් ගොනු කර තිබේ. Fukushima නගරයේ න්‍යෂ්ටික විදුලි බලාගාර සිද්ධියෙන් මතු වූ විකිරණශීලී ද්‍රව්‍ය මගින් තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකාව වැළඳීම ‍හේතුවෙන් ඔවුහු Tokyo විදුලිබල සමාගමෙන් වන්දි ඉල්ලා සිටියහ. ඊයේ(13) Tokyo ප්‍රාදේශීය අධිකරණය යළි එම නඩු විභාගය ආරම්භ කළේය. අධිකරණය ඉදිරියේ රැස් වූ වැසියන් සිය ගණනක් Tokyo විදුලිබල සමාගමෙන් හා රජයෙන් ඉල්ලා සිටියේ පැමිණිකරුවන්ට වන්දි ලබා දෙන ලෙස ය.

පැමිණිලි පාර්ශ්වයේ නීතිඥයෙක් පැවසුවේ Fukushima න්‍යෂ්ටික සිද්ධිය සිදු වීමෙන් පසු පැමිණිකරුවන්ට තයිරොයිඩ් පිළිකාව වැළඳී ඇති බවයි. මෙම සිද්ධීන් දෙක අතර සමීප සම්බන්ධතාවක් පවතින බවට විශ්වාස කරන බැවින් අධිකරණයේ අවසන් තීන්දුව ලැබෙන තුරු බලා සිටින බව ‍ඔහු කීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම