අන්ත දරිද්‍රතාවය පිටුදැකීම ආශ්චර්යවත් ජයග්‍රහණයක්
2023-09-13 08:12:58
Share with:

ගෙවී ගිය වසර 60 තුළ Colin Mackerras නම් ඔස්ට්‍රේලියානු චීන සංස්කෘතික විශේෂඥයා චීනයට බොහෝ වතාවක් පැමිණ තිබේ. එම සංචාර තුළ ඔහු ඇසු දුටු සැබෑ චීනය ලෝකයට හඳුන්වා දී ඇත.

2014 වසරේ නොවැම්බර් මාසයේ Colin Mackerras ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමු විය. එම හමුවේදී ෂී ජින් පිං මහතා පැවසුවේ චීනයේ සැබෑ තත්ත්වය හඳුන්වා දෙමින් දෙරටේ ජනතාව අතර අවබෝධය හා මිත්‍රත්වය වර්ධනය වීම වෙනුවෙන් පාලමක් මහාචාර්ය Colin Mackerras ස්ථාපිත කළ බවයි.

1965 වසරේ හා 2018 වසරේ Colin Mackerras මහතා Yan'an නගරයට දෙවතාවක් පැමිණ ඇත. Yan'an නගරයේ ජන ජීවිතය බෙහෙවින් යහපත් වී තිබේ. එහි වැසියන් පෙරට වඩා විශ්වාසයෙන් යුතුව සතුට අත් විඳිති. අන්ත දරිද්‍රතාවය පිටුදැකීම ආශ්චර්යවත් ජයග්‍රහණයක් බවට පත් වන බව Colin Mackerras පැවසීය. එම ජයග්‍රහණයට හේතු වී ඇත්තේ විශිෂ්ට නායකත්වයයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඒ වෙනුවෙන් බෙහෙවින් කැප වී ඇති බව Colin Mackerras කියා සිටියේය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම