ලිබියාවේ ව්‍යසනය ලක්ෂ 18කට පමණ බලපා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
2023-09-13 10:00:58
Share with:

ලිබියාවට බලපෑ සුළි කුණාටුවෙන් මිලියන 1.8 ක පමණ ජනතාවකට බලපෑම් එල්ල වී ඇති අතර එයින් සිදු වූ හානිය පිළිබඳව කම්පනයට පත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ(12) ප්‍රකාශ කළේය.

ගංවතුර හේතුවෙන් රෝහල්වලට ද හානි සිදු වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට විපතට පත් වූවන් නැවත පදිංචි කිරීමට සහ ආපදා ප්‍රදේශවල තාවකාලික රෝහල් ගොඩනැගීමට සහාය වේ.

Daniel නමැති මෙම සුළි කුණාටුව පසුගිය 10 වැනිදා නැගෙනහිර ලිබියාවට බලපෑ අතර එය දරුණු ගංවතුර තත්ත්වයක් ඇති කළේය. ලිබියානු සෞඛ්‍ය අමාත්‍ය Othman Abdul-Jalil මහතා සඳහන් කළේ ගංවතුර හේතුවෙන් ලිබියාවේ පුද්ගලයින් 3,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. පුද්ගලයන් 10,000කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර රතු කුරුස සංගමය තක්සේරු කර තිබේ. මේ වන විට ආපදා ප්‍රදේශයේ මුදාගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම