ජනපති විදෙස් සමුළු කිහිපයකට එක්වීම සඳහා පිටත් ව යයි
2023-09-13 18:26:36
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත් ව යයි.  හෙතෙම අද (13) අලුයම පිටත් ව ගොස් ඇත.

ජනාධිපතිවරයා කියුබාවේ හවානා නුවර හෙට (14) සිට 16 වනදා දක්වා පැවැත්වෙන ජී 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට නියමිතය.  "වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය" යන්න මෙවර එහි තේමාව යි.

එසේම, සැප්තැම්බර් 19 සිට 21 වැනි දා දක්වා ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි වාර්ෂික සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද ජනාධිපතිවරයා එක්වනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම