යුක්රේන අර්බුදයට විසඳුම සාකච්ඡාව බව චීනය යළි අවධාරණය කරයි
2023-09-13 10:25:19
Share with:

සංවාදය හා සාකච්ඡාව, යුක්රේනයේ සාමය යළි ස්ථාපිත කිරීමේ මූලික ක්‍රමයක් බව චීනය අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උප ස්ථාවර නියෝජිත Geng Shuang මහතා ඊයේ (12) ආරක්ෂක මණ්ඩලයේ යුක්රේනයට අවි ලබා දීමේ ප්‍රශ්නය විමර්ශනය කරමින් සාකච්ඡා කිරීමේදී මේ බව පැවසීය. මේ වනවිට යුක්රේන අර්බුදය පිළිබඳව බොහෝ රටවල් සාම මුලපිරුම ඉදිරිපත් කර තිබේ. එහෙත්, තවත් අවි විශාල ප්‍රමාණයක් යුද පිටියට ගලා යන බව Geng Shuang මහතා කීය. යුද ගැටුම, යුක්රේන අර්බුදයට විසඳුමක් නොවන අතර සංවාදය හා සාකච්ඡාව, යුක්රේනයේ සාමය යළි ස්ථාපිත කිරීමේ මූලික ක්‍රමයක් බව හෙතෙම පෙන්වා දුන්නේය. ආරක්ෂක මණ්ඩලය ඔස්සේ එරෙහි වීම හා මතභේද පුළුල් කිරීම වැළැක්විය හැකි බවට හෙතෙම අපේක්ෂා පළ කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ සාමකාමීව ගැටළු විසඳීමේ ක්‍රම යහපත් ලෙස භාවිත කිරීමෙන් විවිධ සාම මුලපිරුම් ක්‍රියාවට නැංවීමට ද අපේක්ෂා කෙරේ.

අදාළ පාර්ශ්ව සමග සංවාද ශක්තිමත් කරමින් දේශපාලන ක්‍රමයෙන් යුක්රේන අර්බුදය විසඳීම වෙනුවෙන් අර්ථකාරී දායකත්වය දැරීමට චීනය කැමැතෙන් සිටින බව Geng Shuang මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම